චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු පෙට් ස්කෑනර් යන්ත්‍රයටත් සිරිලය සවියෙන් සල්ලි එකතු කරලා – පරීක්ෂණ ඇරඹෙයි

මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට ආධාර කරන ලෙස ඉල්ලමින්, රාජ්‍ය සහ පෞද්ගලික බැංක-ු කිහිපයකින්, සිරිලිය සවිය ගිනුමට මුදල් එකතු කිරීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙහිදී, ජාතික ඉතිරි කිරීමේ බැංක-ුවද රුපියල් මිලියනයක මුදලක් සිරිලිය සවියට ලබා දී ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් එවකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස, නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති වාර්තා වේ.

චීන රජය අදාල පෙට් ස්කෑනර් යන්ත්‍රය, පරිත්‍යාගයක් ලෙස මහරගම පිළිකා රෝහලට ලබා දී තිබේ.

පරිත්‍යාගයක් ලෙස ලැබුණ පෙට් ස්කෑනර් යන්ත්‍රය වෙනුවෙන් මුදල් එකතු කිරීම හරහා වංචාවක් සිද්ධ වී ඇද්ද යන්න පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරමින් සිටින බව පැවසේ.

මෙම පුවත අප උපුටා ගන්නා ලද්දේ සන්ඩේ ටයිම්ස් පුවත්පතිනි.