පිල්ලෙයාන් කැදවමින් පාස්කු ප්‍ර්‍රහාරයේ පරීක්ෂණ නව මාවතකට එයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, චැනල් ෆෝ නාලිකාව විසින් විකාශය කරන ලද වාර්තා වැඩ සටහනෙන් එල්ලකර තිබෙන චෝදනා පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, හෙට, එනම් නොවැම්බර් මාසයේ 12 වන අගහරුවාදා උදෑසන 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිවනේසත-ුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට නියෝග කර තිබේ.

අදාල වාර්තා වැඩසටහන හමුවේ පෙනී සිටි, පිල්ලෙයනාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා වූ අසාද් මවුලානා නමැති පුද්ගලයා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තොරත-ුරු රැසක් අනාවරණය කර තිබුණි.

චැනල් ෆෝ නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය පිළිබදව ඉදිරිපත් කරන ලද වාර්තා වැඩසටහනේ ප්‍රධාන චරිතය වී තිබුනේ අසාද් මවුලානා ය.

අසාද් මවුලානා, පිල්ලෙයාන්ගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කර තිබුණි.

සුරේශ් සලෙයි සහ සහරාන් ඇතුළු ත්‍රස්ත ඛණ්ඩායම අතර පැවති සම්බන්ධය පිළිබදව කරුණු රැසක් අසාද් මවුලානා අදාල වාර්තා වැඩසටහන තුළ හෙළිදරව් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *