රටට ජාත්‍යන්තර ආධාර එන්නේ අදූෂිත පාලනය පිළිබඳ ඇති දැඩි විශ්වාසය නිසයි – අගමැතිනි හරිනි අමරසූරිය

මේ ව්‍යසනය එක සිද්ධියක් විතරක් නොවෙයි. අදත් මධ්‍යම පළාතේ පාසල් වසා දැම්මේ සාමාන්‍ය වැස්සකින් වුවත් නායයෑමක් වෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණ නිසයි. ජනතාවගේ ආරක්ෂාව, මුදවා ගැනීමට අපි මුලින්ම අවධානය යොමුකළේ. දීර්ඝකාලීනව නැවත එම ප්‍රදේශ ගොඩනඟන්න අපි පියවර ගනිමින් ඉන්නවා. ගම්මාන යළි ඇති කළ යුතු තැන් තිබෙනවා. අපි සැලසුම් සහිතවයි මීට මැදිහත් වී සිටින්නේ. අපේ ආර්ථික කළමනාකරණය සඳහා මුල සිටම දුන් අවධානය නිසා තමයි ආපදා සහන සඳහා මුදල් වෙන්කර ගැනීමට හැකිවුණේ. ආර්ථික ඉලක්කවලට හානි කරගන්නේ නෑ.

පිටරට ශ්‍රී ලාංකිකයන්, ලංකාවේ පරිත්‍යාගශීලීන්, සාමාන්‍ය ජනතාව, ජාත්‍යන්තර ප්‍රජාව සියලු දෙනා විශේෂයෙන් අපට සහාය දුන්නා. ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය නිසයි මේ ලෙසට ආධාර උපකාර කරන්නේ කියලා බොහෝ අය පවසනවා. විශ්වාසය පලුදු නොවන ලෙස නැවත ගොඩනැඟීම් කටයුතු අපි සිදු කරනවා. විශ්වාසය පලුදු වූ අය වගේම ව්‍යසනවලින් දූෂණ කටයුතු කළ අය අපි මේකට එකතු කර නොගෙන ඉමු. ජාත්‍යන්තරය ඉදිරිපත් වී සිටින්නේ අදූෂිත ආණ්ඩුකරණය මත ඇතිවී තිබෙන විශ්වාසය නිසයි.

විනාශ වූ ප්‍රදේශ නිවාස යළි ගොඩ නැඟීමේදී විද්‍යාත්මක පදනමක් මත පරිසර හානිය ගැන හිතලයි සිදු කරන්නේ. ඒවා සියල්ල අවම කරලා සැලසුම් කර තමයි නැවත ගොඩනැඟීම් කරන්නේ. විපක්‍ෂයෙනුත් අපි ගන්න තීරණවලට සහාය ලැබෙයි කියලා හිතනවා.

(පාර්ලිමේන්තුව 2026 ජනවාරි මස 06 වැනිදා පෙ.ව. 9.30ට යළි රැස්වේ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *