වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් හිමිනමක් සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාන්තාවක් ද මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර හිමිනම දූෂණයට ලක්වූ බව කියන දැරියගේ පියාගේ සහෝදරයා බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකාර හිමිනම වයස අවුරුදු 25 වන බහිරවකන්ද ප්රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින හිමි නමක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගැනුණු කාන්තාව බහිරවකන්ද ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක තැනැත්තියක් බවයි වාර්තා වුණේ.
සැකකාර හිමිනම සහ කාන්තාව පසුගිය 20 වනදා අත්අඩංගුවට ගෙන ඊට පසුදින (21) මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර හිමිනම අද (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02 ක් මතමුදා හැර ඇති බවයි වාර්තා වුණේ.
මහනුවර පොලිස් ස්ථානය මඟින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.