තැපැල් දෙපාර්තමේන්තුවේ වසර 38ක් සේවය කර විශ්‍රාම යන තැපැල් නිලධාරියකු සිය සේවා ආයතනයට දණගසා වැඳ නමස්කාර කිරීමේ ආදර්ශවත් ක්‍රියාවක් පෙරේදා (9) බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ දී දැක ගැනීමට ලැබිණි.
බදුල්ල තොලබෝගස්වත්ත පදිංචි බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවය කළ තැපැල් නිලධාරි ඩබ්ලිව්. එච්. නිමල් පියතිස්ස මහතා මෙසේ සේවාවෙන් විශ්‍රාම ගියේය.
1986 වසරේ ඔක්තෝබර් මස 16 වැනි දින තැපැල් සේවයට එක්වී එම වසරේ ස්ථීර සේවයට එක්වූ නිමල් පියතිස්ස මහතා වසර 38ක කාලයක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරමින් එලෙස සේවයෙන් විශ්‍රාම ගියේය.
ඔහුගේ විශ්‍රාම යෑම වෙනුවෙන් බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ප්‍රධාන තැපැල් ස්ථානාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය එක්වී සමරු උත්සවයක් ද සංවිධානය කර තිබිණ.