ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූශණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යොවුන් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා තුනක් එල්ල වී ඇති බව ESPN CrickInfo වෙබ් අඩවිය වාර්තා කරනවා.
ජාත්‍යන්තර තරඟවලදී සහ 2021 ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීම සමබන්ධව තමාට ලැබුණු ඇරයුම් පිළිබඳව ප්‍රමාදයකින් තොරව ICC දූශණ මර්ධන ඒකකයට පැමිණි කිරීමට අපොහොසත් වීම සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
එලෙසම ප්‍රවීන් ජයවික්‍රම, තරඟ පාවාදීම සම්බන්ධව දූශීත ක්‍රියාවන් පැවැත්වීමේ ප්‍රවේශයට අදාළ පණිවිඩ මකා දමා ඇතිබවට ද වාර්තා වන අතර මේ සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා 2024 අගෝස්තු 06 වනදා සිට දින 14 ක කාලයක් ඔහුට ලබාදී තිබෙනවා.