පසුගියදා විවාහ ගිවිස ගත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාලගාව තුළ ෆ්‍රී ෂූට් එකක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන ගණනාවක මෙම යුවළ ඡායාරූප වලට පෙනී සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළද බරපතළ කතාබහක් ඇතිව තිබේ.
ශ්‍රී දළදා මාලිගාව තුළ මේ ආකාර සිදුවීමක් වී තිබෙන බව තමන්ටද දැන ගන්නට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමක් කළ බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීය.
අදාළ යුවළ හා ඡායාරූප ශිල්පී අද (09) මහනුවරට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන් ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා සමිඳුන් වැඩවාසය කරන ශ්‍රී දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානයක මේ ආකාරයෙන් ෆ්‍රී ෂූට් කිරීමට ඉඩ ලබා දීමෙන් ඉදිරියේ දී තවත් අය එවැනි කටයුතු සඳහා දළදා මැදුරට පැමිණෙනු ඇතැයිද මේ හේතුවෙන් දළදා වහන්සේ පිළිබඳ දිස් විදෙස් ජනතාවගේ ඇති ගෞරවයට පවා හානි සිදුවිය හැකි බව පවසන බෞද්ධ ජනතාව පවසන අතර මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර නොගතහොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව බෞද්ධ සංවිධාන සඳහන් කරති.
(කමල් සුරවීර – මහනුවර)