මීළගට බිහිවෙන අපේ ආණ්ඩුව යටතේ සිරගෙට යන්න සූදානම් වෙන්න – සාගර කාරියවසම් දැනුම් දෙයි

“මිළඟට බිහිවෙන අපේ ආණ්ඩුව යටතේ ඔබටමන්ලා සිර ගෙවල්වල ඉන්න සූදානම් වෙන්න” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අනතුරු අඟවා සිටී.

මාධ්‍යට ඔහු කියා සිටියේ, ඉදිරියේදී බලයට පත්වන තම ආණ්ඩුව යටතේ වත්මන් පාලනයේ සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.

“ආණ්ඩුවේ වැරදිවලට උදව් කරන ඉහළ නිලධාරීනුත් සූදානම් වෙලා ඉන්න” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ කාරියවසම් මහතා, දේශපාලන අධිකාරියේ වැරදි තීන්දු ක්‍රියාත්මක කිරීමට සහාය වන රාජ්‍ය නිලධාරීන්ටද නීතිය ක්‍රියාත්මක කරන බවට අවධාරණය කළේය.

තම ආණ්ඩුවක් යටතේ අතීතයේ සිදු වූ බව කියන දූෂණ, වංචා මෙන්ම වත්මන් ආණ්ඩුවේ අක්‍රමිකතා සම්බන්ධයෙන්ද විධිමත් පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන බවට ඔහු එහිදී පොරොන්දු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *