ජනපති අනුරගේ මැණීයන් තවමත් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ගන්නවා – අනුරාධපුර රෝහල කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ  මෑණියන් මේ වනවිටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ 18 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටින බව අනුරාධපුර රෝහල සනාථ කරයි.

මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වන ආකාරයට ජනාධිපතිවරයාගේ මෑණියන් අනුරාධපුර රෝහලේ සිට ලංකා හොස්පිටල් වෙත ගුවනින් රැගෙන ආ බව කරන ප්‍රචාරයන් සම්බන්ධවකළ විමසී මක දී අනුරාධපුර රෝහල මේ බව සනාථ කළේය.

WhatsApp Image 2024 12 22 at 14.04.32 15402c97 Iri News

ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුනොවුන ආකාරයේ අත්දැකීමක් සමග රජයේ සෞඛ්‍ය සේවාව පිළිබඳව දැඩි විශ්වාසයක් සහ රටේ විධායක ජනාධිපතිවරයාගේ අව්‍යාජ පැවැත්ම පිළිබඳව දැඩි ප්‍රසාදයක් සමාජය තුළ මේ සිදුවීමත් සමග ගොඩනැගුණි.

පෙරේදා( 20) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි හිමිවරුන් බැහැදැක ආපසු පැමිණෙන අනතුර ජනාධිපතිවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ සිය මෑනියන් දකින්නේ කිසිම පෙර දැනුම් දීමක් නොකර සාමාන්‍ය පුරවැසියෙක් ලෙසය. ඒ අවස්ථාව රෝහල් සේවකයෙකුගේ දුරකථනයේ අහම්බෙන් සටහන් වීමත් සමගම එය රටේ ප්‍රසංශනීය සංවාදයකට ලක් වූයේය.

“කිසිම ආරක්ෂයෙක් නැතිව ජනාධිපති තුමා තනිවම    වාට්ටුව මැදින් එද්දි ඇත්තටම මට අදහා ගන්න බැරිව  ගියා.  අම්මා බලන්නට පැමිණි ජනාධිපති තුමා අම්මත් එක්ක කතා කරමින් ඉන්න ගමන් නැගිටලා අපි ලඟට ආවා… මිස්, අම්මගේ අසනීප තත්ත්වය කොහොමද කියලා එතුමා ඇහුවේ මගෙන්… ඊලඟට හැම රෝගියෙක් ලඟටම ගිහින් එතුමා කතා කළා. එතුමා පිටවෙලා ගියෙ කිසිම කෙනෙකුට පුංචිම කරදයක් නොවෙන විදිහට.  ඒක මට මගේ ජීවිත කාලයේ මටම විශ්වාස කරන්න බැරිවුන සිද්ධියක්.”  ඒ අත්දැකීමට මුහුණ දුන් හෙදියක් පවසා තිබිණු ආකාරය සමාජ මාධ්‍යයේ පල විය.

මෙවැනි ව්‍යාජ පුවත් මතුවන්නේ ඒ සමගය.

Source – lankasara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *