ජනපති අනුර චීනයේ බීජිංහිදී මහත් හරසරින් පිලිගනියි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් මාර්ගය දෙපස දෙරටේ ජාතික ධජවලින් සරසා තිබිණි.

මෙම රාජ්‍ය සංචාරයේදී තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.

තවද මෙම සංචාරය අතරතුර දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබෙනු ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

473424196 1172780471075153 5523824281688849883 n.jpg? nc cat=103&ccb=1 7& nc sid=127cfc& nc eui2=AeHLUsrpQWmmUNl9WTaY5wGGfZg8dHzaGTt9mDx0fNoZOyrV95Q cY5fO7v8sexo6X6D5CPa9qrxlC6 8UvjpivT& nc ohc=TP dxMeJ aEQ7kNvgGZY2 I& nc oc=AdhT0Xh3adDHCU8jF685WG3ttIIlQpc6519qPgYsMvRYAgasYTCeCQ95YXhujz8bNiw& nc zt=23& nc ht=scontent.fcmb2 2 Iri News
473423612 1172780491075151 3330643192400960153 n.jpg? nc cat=104&ccb=1 7& nc sid=127cfc& nc eui2=AeGF3brUWkVX7Uugu3zWxDod0op94bqb0rLSin3hupvSsirQj0Dpp9sBI2T1IQXIjnmj1jTMOyq1m 1T7Umw wA2& nc ohc=tcuIgUe7tx4Q7kNvgG T3v4& nc oc=AdiBffA7nTzIdfwa qcA5MfZFqd0BhBZMrDhjjXK4LpeqO0nm1dIqj4N 0N3uAxg14o& nc zt=23& nc ht=scontent.fcmb2 2 Iri News
473389738 1172780487741818 7965334761977273074 n.jpg? nc cat=105&ccb=1 7& nc sid=127cfc& nc eui2=AeFdpzfB2 zSSQCTX9ATjjHTNtsy46ueKj422zLjq54qPuarWmvmWSOrHw9RmWOgefYzh3NfxfO0IHJqjO6vIdnT& nc ohc=6bSHCLP2tM0Q7kNvgFgrH0Z& nc oc=AdiG2K00DVTDRzO0paQOzDs2EYmFHpA4thBsHor89b DoARq93W6enp554MdthxJ8s& nc zt=23& nc ht=scontent.fcmb2 2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *