ජනපති අනුර නිල සංචාරයක් සදහා හෙට ඇමරිකාව බලා පිටත් වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක නිල සංචාරයක් සඳහා හෙට (22) රාත්‍රී ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

ඇමරිකා සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා එහි සිට ජපානයේ නිල සංචාරයකට පිටත්ව යනවා .

ජනාධිපතිවරයා බදාදා (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීමට නියමිත අතර ඇමරිකා වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ලබනවා.

එහිදී ජනාධිපතිවරයා රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමට නියමිතයි.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති අනුර දිසානායක මහතා ලබන 27 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් සිට ජපානයේ ඔසාකා නගරයට පිටත්ව යනවා. ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ජපාන සංචාරයේ නිරත වනවා.

ජනාධිපති අනුර දිසානායක මහතා ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සමඟ ලබන 29 වැනිදා සාකච්ඡා පවත්වන අතර 30 වැනිදා ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට නියමිතයි. මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක් වනවා.

ජනාධිපතිවරයා ඇමරිකා සහ ජපාන සංචාරය නිමා කර ඔක්තෝබර් 1 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *