සමාජය තුල දැඩි කතාබයක් සහ ආන්දෝලනයට තුඩුදුන් මත්පැන්හල් බලපත්‍ර ( බාර් ලයිසන්) අවිධිමත් ලෙස ලබා දුන් සියල්ල සොයා බලා ඒවා තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ඉරිදා මව්බිම පුවත්පත වාර්තා කරයි.
ඉකුත් ආණ්ඩුව සමයේ මැතිවරණය ඉලක්ක කොට ගෙන මන්ත්‍රීවරයන් බිලීබා ගැනීමට සන්තෝසම් ලෙස බාර් ලයිසන් විශාල ලෙස ලබාදී ඇති බවට මාධ්‍ය මගින්පළවූ අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපති කාර්යාලයට කැඳවා ඇති බවටද එම පුවත්පත අනාවරණය කරයි.එමෙන්ම මෙම අවස්ථාවට පෙරද අවිධිමත් ලෙස ලබාදී ඇති මත්පැන් හල් බලපත්‍ර පිළිබඳවද සොයා ක්‍රියාමාර්ගය ගන්න බවත් රටපුරා මේ වන විට නව තැබෑරුම් විවිධ දේශපාලඥයින්ගේද මැදිහත් වීම ඇතිව විවෘත කර තිබෙන බවත් අනාවරණය වේ.
අදාල මත්පැන්හල් බලපත්‍ර ලබා දීම සිදු කර ඇත්තේ කුමන පාර්ශවයන්ටද ඇතුළු තොරතුරු සියල්ල ගැන සොයා බලා ඒවා විධිමත් කරනතුරු තාවකාලිකව අත්හිටුවීමටද ඒ අනුව වහාම පියවර ගනු ඇතැයිද දැනගන්නට ලැබෙන බව මව්බිම පුවත්පත වාර්තා කරයි.මේ වන විට රට රජයට අය විය යුතු සුරා බදු බිලියන ගණනකින් නොගෙවා ඇති අතර ඒවා අය කර ගැනීම පිළිබඳව ද රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි වාර්තාවන බව අදාල පුවත්පත සඳහන් කරයි.