ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හරහා දේශීය වෙළඳපොළේ මිල වැඩිවීමක් සිදු වුවහොත්, එමගින් ආර්ථිකයට වන බලපෑම සලකා බලා ඉන්ධන මත පනවා ඇති බද්දේ යම් ප්රතිශතයක් ඉවත් කිරීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ, මාර්තු මාසයේ සිදුකළ මිල සංශෝධනය හේතුවෙන් තෙල් සංස්ථාව මේ වන විට ලාභයක් ලබන බවත්, ඉදිරි මිල සූත්රය ගණනය කිරීමේදී එම ලාභය ද සැලකිල්ලට ගන්නා බවයි.
මාර්තු මාසයේදී ඉන්ධන මිල සංශෝධනය නොකළේ නම්, මීළඟ වතාවේදී විශාල මිල වැඩි කිරීමක් සිදු කිරීමට සිදු වන නමුත් මාර්තු මාසයේදී ලැබූ ලාභය සහ බදු සංශෝධන ක්රියාවලිය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ නොදමා පවත්වාගෙන යාමට අවස්ථාව පවතින බවත් ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.