ඖෂධ හිඟය වහා විසඳන්න – යළි මෙවන් දෙයක් වෙන්න ඉඩ තියන්න එපා – ජනපති නිලධාරින්ට කියයි

ඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම්, එය කඩිනමින් මඟහැරවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

නැවත රට තුළ එවන් තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගන්නා ලෙසයි ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ.

ඒ සඳහා අවශ්‍ය දිගුකාලීන සැලසුම් කඩිනමින් සකස් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබෙනවා.

රෝහල්වලට ඖෂධ ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර තිබෙනවා.

එබැවින් මෙරට ජනතාවට උසස් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහතික කරලීමට සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව පවතින බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ.

ඖෂධ සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.

ඖෂධ මිලදී ගැනීමේ සහ බෙදා හැරීමේ කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම යාන්ත්‍රණය විධිමත් කර හිඟයකින් සහ ප්‍රමාදයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ. ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීමේ යාන්ත්‍රණයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ දුර්වලතා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

WhatsApp Image 2025 07 22 at 18.20.03 1 Iri News
WhatsApp Image 2025 07 22 at 18.20.03 Iri News
WhatsApp Image 2025 07 22 at 18.20.04 Iri News
WhatsApp Image 2025 07 22 at 18.20.05 1 Iri News
WhatsApp Image 2025 07 22 at 18.20.05 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *