අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවි සහායකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව වැඩසටහනක් ඇරඹෙයි

අඩු ආදා­ය­ම්ලාභී ලොත­රැ­යි­පත් අලෙවි සහ­ය­ක­යන්ගේ දරු­වන් වෙනු­වෙන් ජනා­ධි­පති අර­මු­ද­ලෙන් අධ්‍යා­ප­නික ශිෂ්‍යත්ව පිරි­නැ­මීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කරයි. එහි සමා­ර­ම්භක වැඩ­ස­ට­හන කථා­නා­යක ජගත් වික්‍ර­ම­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් උතුරු මැද පළා­තෙන් ආරම්භ කෙරිණි.

අනු­රා­ධ­පුර පළාත් සභා ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවති මේ උත්ස­ව­යේදී උතුරු මැද පළාතේ ලොත­රැයි අලෙ­වි­ක­ර­ණයේ යෙදෙන සහ­ය­ක­ව­රුන්ගේ දරු­වන් 65 දෙනෙකු වෙනු­වෙන් ශිෂ්‍යත්ව පිරි­නැ­මිණි. ලොත­රැ­යි­පත් අලෙ­වි­යෙන් ජනා­ධි­පති අර­මු­ද­ලට ලැබෙන මූල්‍ය දාය­ක­ත්වය අගය කර­මින් ක්‍රියා­ත්මක වන මෙම වැඩ­ස­ට­හ­නෙන් දිව­යිනේ සිය­ලුම පළාත් ආව­ර­ණය වන පරිදි, 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉගෙ­නුම ලබන දරු­වන්ට ශිෂ්‍යත්ව පිරි­නැමේ.

ජනා­ධි­පති අර­මු­දල වෙත අද ලැබෙන සෑම රුපි­ය­ල­කම ප්‍රති­ලාභ, සහන ඇවැසි ජන­තා­ව­ටම හිමි වන බව කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා මෙහිදී පැව­සීය. මෙම වසරේ (2026) ජන­වාරි 01 සිට ජූනි 30 දක්වා මාස 6ක කෙටි කාලය තුළ 22,000ක් වන සංව­ර්ධන ලොත­රැයි අලෙවි නියෝ­ජිත ජාලය විසින් ජනා­ධි­පති අර­මු­දල වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 5,112ක අති­වි­ශාල මූල්‍ය දාය­ක­ත්ව­යක් සපයා තිබෙන බව කථා­නා­ය­ක­ව­රයා සඳ­හන් කළේය.

මෙම අව­ස්ථාව මෙතෙක් තම ශක්තිය නොහ­ඳු­නා­ගෙන සිටි ලොත­රැයි අලෙ­වි­ක­රු­වන් තම ශක්තිය රටට පෙන්වන අව­ස්ථා­වක් බවත්, ඒ වෙනු­වෙන් එම සිය­ලු­දෙනා වෙත ස්තුතිය පුද කරන බවත් පැව­සීය.

“වසර 50ක ඉති­හා­ස­යක් ඇති ජනා­ධි­පති අර­මු­දල සැබෑ ලෙසම ජන­තා­වගේ අර­මු­ද­ලක් බවට පත් වුණේ පසු­ගිය වසරේ සිටයි. අද එය ඩිජි­ට­ල්ක­ර­ණය සමඟ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල මට්ට­මට විම­ධ්‍ය­ගත වී තිබෙ­නවා. ජනා­ධි­පති අර­මු­දල යනු තව­දු­ර­ටත් කොළ­ඹට සීමාවූ දුරස්ථ ආය­ත­න­යක් නොවන අතර, ජන­තා­වට ග්‍රාම නිල­ධා­රි­ව­රයා සහ ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය මඟින් ඉතා පහ­සු­වෙන් ළඟා විය හැකි සැබෑ ජන­හි­ත­කාමි සේවා­වක් බවට පත් කර තිබෙ­නවා.

ශ්‍රී ලංකාව ලෝකයේ වේග­යෙන්ම සංව­ර්ධ­නය වන රටක් බවට පත්කි­රීමේ ජාතික මෙහෙ­වර තුළ සියලු දෙනා එකා­වන්ව රැක බලා­ග­නි­මින් එකට එක්ව කට­යුතු කර­මුයි සියලු දෙනාට ආරා­ධනා කර­නවා.” යැයිද කීවේය.

නිවාස ඉදි­කි­රීම් සහ ජල සම්පා­දන ඇමැති වෛද්‍ය සුසිල් රණ­සිංහ මහතා, ජනා­ධි­පති අර­මු­දලේ ලේකම් සහ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් රෝෂන් ගමගේ යන මහ­ත්වරු ද මෙහිදී කතා කළහ.

අනු­රා­ධ­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන සේන නානා­ය­ක්කාර, පී.ඩී.එන්.කේ. පලි­හේන, උතු­රු­මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජය­සිංහ මහ­ත්ව­රුද, ජනා­ධි­පති අර­මු­දලේ පාලක මණ්ඩල සාමා­ජික ජේ. ආර්. පී. ජය­කොඩි, සංව­ර්ධන ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­පති/ ප්‍රධාන විධා­යක නිල­ධාරි එම්.ආර්.එච්.ස්වර්ණ­ති­ලක, ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ සභා­පති එම්.ඩී. සිරිල් ඇන්තනී පෙරේරා මහ­ත්වරු සහ පළාතේ රාජ්‍ය නිල­ධා­රීහු, උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සහ ආර­ක්ෂක අංශ ප්‍රධා­නීහු ඇතුළු පිරි­සක්ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *