කලවම් පලා – එළවළු හොදි කන්න පුරුදු වෙමු – මහාචාර්ය අර්ජුන සිල්වා

රට තුළ එළවළු මිල ඉහළ යාම නිසා දිනපතා ආහාරයට එළවළු එක්කර ගැනීමේ අපහසුතාවයෙන් වැළකීම සඳහා සම්ප්‍රදායික එළවළු පළතුරු සහ කොළ පලාවර්ග ආහාරයට ගැනීමට හුරු විය යුතු බව මහාචාර්ය අර්ජුන සිල්වා පැවැසීය. 

මුරුංගා, කතුරුමුරුංගා, සාරණ, මුගුණුවැන්න ඇතුළු ගෙවතු ආශ්‍රිතව වැවෙන කොළ පලා වර්ග මගින් මෙන්ම පැපොල්, කෙසෙල්,  අඹ,  අඹරුල්ලා මෙන්ම පැෂන් ගෙඩි සහ එවායේ කොළද දෛනිකව අත්‍යවශ්‍ය වන පෝෂණය සැපැයීමට සමත් බව ඔහු පෙන්වා දෙයි.

කොස්, දෙල් වැනි ගමේ ආහාර නගරයේ පිඟානට එක්කර ගැනීමට මෙන්ම ඉඩකඩ ඇති ස්ථානවල දේශීය එළවළු සහ පළතුරු වවා ගැනීම මේ කාලයේ මෙන්ම ඉදිරියටත් ඉතා වටිනා පුරුද්දක් වනු ඇති බව ඔහු පෙන්වා දෙයි. කලවම් පලා මෙන්ම එළවළු කිහිපයක් සුළු වශයෙන් ගෙන එකතු කර සාදන හොදි ආදියටද පුරුදු වීම සුදුසු බව ඔහු පෙන්වා දෙයි. මහල් නිවාස ආදියේද ඉඩ ඇති තැන්වල මල්වෙනුවට පෝච්චි යොදා හෝ පුංචි වගාවන් ඇරුඹීමට කාලය පැමිණ ඇති බව මහාචාර්ය අර්ජුන ද සිල්වා පෙන්වා දෙයි.

උපුටා ගැනීම – දේශය පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *