ඇෆ්ලටොක්සින් 0.5 ට වැඩිනම් සැකසූ දියර කිරි නිෂ්පාදනය හා විකිණීම තහනම් කරයි

සැකසූ දියර කිරි සඳහා පැවතිය යුතු ඇෆ්ලටොක්සින් (Aflatoxin) උපරිම මට්ටම 0.5ug/kg (ppb) බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ (සංශෝධිත) 12(2) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම විධානයට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1815 ප්‍රමිතියේ සඳහන් උපරිම 0.5 ug/kg (ppb) ඇෆ්ලටොක්සින් සීමාවට අනුකූල නොවන සැකසූ දියර කිරි නිෂ්පාදනය කිරීම, සෑදීම, ආනයනය කිරීම, සැපයීම, ගබඩා කිරීම, බෙදාහැරීම, ඇසුරුම් කිරීම, ප්‍රවාහනය කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වේ.

මෙම නියෝගය සියලුම නිෂ්පාදිතයන්, සාදන්නන්, ආනයනකරුවන්, ඇසුරුම්කරුවන්, සැපයුම්කරුවන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ප්‍රවාහනය කරන්නන් සහ වෙළෙන්ඳන් සඳහා අදාළ වන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

අදාළ විධිවිධාන 2027 වසරේ ජනවාරි මස 08දා සිට බලපැවැත් වෙනු ඇතැයි ද එම අධිකාරිය වැඩිදුරටත් නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *