මන්නාරම් ද්‍රෝණියේ පවතින ස්වාභාවික වායු සම්පත ගොඩගෙන ප්‍රයෝජනයට ගැනීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීමේ යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය මේ මාසය තුළ ආරම්භ කරන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි කළමණාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ, මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික වායු පවතින බව ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් සංවර්ධන අධිකාරිය මගින් විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇති බවයි.
අදාළ ක්‍රියාවලිය ප්‍රසම්පාදන කමිටු අනුමැතිය යටතේ සිදුකරන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීමට ආයෝජකයින්ට මාස 5 ක පමණ කාලයක් හිමිවනු ඇත.