දැවැන්ත පාඩුවක් – දුම්රිය නිවාසවලින් වතුර බිලට ගන්නේ රු.05යි – විගණනය හෙළි කරයි

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා එම නිවාසවල පදිංචි එක් නිලධාරියකුගෙන් ජල බිල්පත් වෙනුවෙන් මසකට රුපියල් 05ක මුදලක් අයකිරීම නිසා ඉකුත් වසර තුන තුළ (2021,2022,2023) ජල බිල්පත් ලෙස රුපියල් නවකෝටි විසිතුන්ලක්ෂ අනූඅටදහස් පන්සිය තිස්දෙකක (92,398,532) මුදලක් දෙපාර්තමේන්තුව විසින් දරා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා ජලබිල්පත් ලෙස වසරකට රුපියල් මිලියන 30කට අධික මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දරනු ලබන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම නිවාසවල නිසි පරිදි ජල මිටර් සවිකර වියදම් කළමනාකරණය කළයුතු බව විගණනය මගින් නිර්දේශ කොට ඇත. මේ පිළිබද දුම්රිය දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ නිල නිවාස 546න් 509ක් සඳහා නව ජල මිටර් සවිකර ඊමකන සැපයුම අවසන් කර ඇති බවය.

ජල මීටර් සවි නොකළ බව දක්වන ඉතිරි දුම්රිය නිවාස 07ට ද මීටර් සවිකොට ඇති බවත් ඉතිරි නිවාසවල දැනට පදිංචි වී නොමැති බවත් ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත. ජල මීටර් සවිකොට ඇති බැවින් නියමිත පරිදි බිල්පත් අය කිරීම මේ වනවිට සිදුකරමින් පවතින බවද ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *