පාස්කු ප්‍රහාරය පිටුපස රාජපක්ෂ කදවුර සිටි බව මමත්,රාජිතත් කියනවා – ආශූ මාරසිංහ කියයි

පාස්කු ප්‍රහාරය පිටුපස රාජපක්ෂ කදවුර සිටි බව තමා මෙන්ම රාජිත සේනාරත්නද දැඩිව විශ්වාස කරන බව ආශු මාරසිංහ පවසයි.

ඔහු මේ බව පැවසූවේ, මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.

පාස්කු දා ප්‍රහාරය සිද්ධ වී හරියටම මසක් ඇත-ුළත, ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට එවකට පැවති රජය පාර්ලිමේන්ත-ු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලදී.

ආශු මාරසිංහ සහ රාජිත සේනාරත්න එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් ය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිය විමර්ශනය සිදුකරමින් යන අතරතුර දී, මෙම ප්‍රහාරය පිටුපස රාජපක්ෂ කදවුර සිටින බවට වන සැක සංකා මතුවන කරුණ අනාවරණය වූ බව ආශු මාරසිංහ පවසයි.

පාස්කු ප්‍රහාරය එල්ල වී සති දෙකක් ගතවීමටත් මත්තෙන් ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණ තමා ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීම ද ප්‍රහාරය පිටුපස ඇති රාජපක්ෂවරුන්ගේ සම්බන්ධය තහවුරු වන සිදුවීමක් බව ආශු මාරසිංහ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *