කෝටි 27ක වත්කම් උපයා ගත් හැටි හෙළි කිරීමට නොහැකි වූ නිසා රමිත් රඹුක්වැල්ලට අධිචෝදනා ගොනු කරයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්, රමිත රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව, දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

නීති විරෝධී ලෙස, රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *