තමාගේ පාලන කාලය තුළ (2022 සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා) වෛද්‍යාධාර ලබා ගැනීමට මහජන නියෝජිතයන් පෞද්ගලිකව ම විවිධ ඉල්ලීම් ඉදිරිපත් කළද එක ඉල්ලීමකට හැර අනෙක් සියලු ම ඉල්ලීම්වලට ජනාධිපති අරමුදලේ පවතින සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදය අනුගමනය කරමින් රුපියල් ලක්ෂ 10 ඉක්මවා කිසිදු මූල්‍යාධාරයක් ලබා දී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ඊ. ඒ. ඉසුරු දේවප්‍රිය පෙරේරා මහතාට නවලෝක රෝහලේ හදවත් සැත්කමක් සිදුකිරීමට ලක්ෂ 10ක් ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි යූ. සරත් කෝන්ගහගේට ලංකා හොස්පිටල් රෝහලේ හදවත් සැත්කමක් සිදුකිරීමට රුපියල් ලක්ෂ 5ක්ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. සී. මුතුකුමාරණට විෂන්කෙයා ආයතනයෙන් ශ්‍රවණ උපකරණ මිල දී ගැනීමට රුපියල් ලක්ෂ 4ක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ඒ. ජගත් කුමාරට ආසිරි රෝහලින් හදවත් සැත්කමක් සිදුකර ගැනීමට රුපියල් ලක්ෂ 10ක් ද ලබාදුන් බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
මීට අමතරව, සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මියට ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ගැනීමට චෙන්නායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා රුපියල් ලක්ෂ 50ක වෛද්‍යාධාර මුදලක් ලබා දුන් බවද හෙතෙම කියයි.
දේශීය කලා හා සිනමා ක්ෂේත්‍රයට දක්වන ලද විශේෂ කුසලතා පදනම් කරගෙන ෆොන්සේකා මහත්මියට මෙම වෛද්‍යාධාර මුදල ලබා දුන් බව ත් කලා ක්ෂේත්‍රයේ මෙවැනිම කලා ශිල්පීන් ගණනාවකට පසුගිය වසර දෙකක කාලය තුළ වෛද්‍යාධාර ගෙවීම් සිදුකළ බව ත් වික්‍රමසිංහ මහතා පවසයි.
එසේ ම, පසුගිය වර්ෂ දෙකක පමණ කාලය තුළ වෛද්‍යාධාර ඉල්ලුම් කරන ලද රෝගීන්, අයදුම්කරුවන්, කුඩා දරු දැරියන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දහයකට වඩා වැඩි ගෙවීම් රාශියක් ලබාදී තිබෙන බව ත් ඒ පිළිබඳව ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබාගත් සාමාන්‍ය ජනතාව සාක්ෂි දරනු ඇති බව ත් හිටපු ජනාධිපතිවරයා පවසයි.