ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සටනට පැමිණෙන්නේ ඡන්ද ලක්ෂ 71ක් අතැතිව බව මුදල් රාජ්‍ය අමාත්‍ය පොහොට්ටුවේ මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පවසනවා. එම සටනේ කොටස්කරුවන් වීමට සියලු දෙනාට ආරාධනා කරන බව ඔහු කියනවා.
“මෙවර ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 17,000,000කක්. ඉන් මෙරට සාමාන්‍ය ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අනුව 85%ක පමණ පිරිසක් ඡන්ද භාවිත කරනු ඇතැයි උපකල්පනය කළ විට එම ඡන්ද ප්‍රමාණය 13,600,000ක් පමණ වෙනවා. ජනාධිපතිවරණය ජය ගැනීමට 51%ක ප්‍රතිශතයක් සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව 6,936,000ක්. 2020 මහ මැතිවරණයේ දී පොදු ජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 6,853,690ක්. සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද ප්‍රමාණය 2,771,980ක්. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 445,958ක් සහ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 250,000ක් හිමි වුණා.
එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 250,000ත්, පොදු ජන පෙරමුණේ ඡන්ද 69 ලක්ෂයත් මෙවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමිවෙනවා. එතකොට ඡන්ද ලක්ෂ 71ක පැහැදිලි බලයක් තියෙනවා. මෙයින් පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණය අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙත ඡන්ද ලක්ෂ 10ක් ද ජාතික ජන බලවේගය වෙත ඡන්ද ලක්ෂ 10ක් ද බෙදී ගියහොත් ඡන්ද ලක්ෂ 51ක් රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමි වෙනවා. පහුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ 28ක ඡන්ද ප්‍රමාණයක් භාවිත කර නොමැති බැවින් එයින් ලක්ෂ 10කට වැඩි ප්‍රමාණයක් මෙවර අනිවාර්යයෙන් ම රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිමිවෙනවා. මීට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැඟෙනහිර ජනතාවගේ විශ්වාසය දිනා ගත් නායකයකු නිසා එම ඡන්ද ප්‍රමාණයෙන් ද බහුතරයක් එතුමාට හිමිවෙනවා” යි රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.