ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරුන් සහ එක්සත් ජාතික පක්ෂය එක්ව දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය කරන ‘එක්ව ජයගමු’ තේමාව යටතේ වූ රැස්වීම් මාලාවේ ගම්පහ දිස්ත්‍රික් රැස්වීම අද (21දා) සවස 2.00ට කඩවත නගරයේ දී පැවැත්වේ.
නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංවිධානය කරන මෙම රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග වදින බවට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තාවේ.
ජනාධිපති ධුරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත්වීමෙන් පසු හිස්වූ එම ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වී වසර දෙකක් සම්පූර්ණ වන්නේ ද ජූලි 21 වැනිදාටය.
ජනාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම පැවැත්වුණේ 2022 වසරේ ජූලි 20 වැනිදාය. එහිදී රනිල් වික්‍රමසිංහ සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඉදිරිපත්වූ අතර ඡන්ද 134ක් ලබා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්විය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2022 ජූලි 21 වැනිදා දිවුරුම් දුන්නේය.