ආපසු හැරීමක් නෑ – අගෝස්තු 26 කොළඹට එන්න – රනිල්වාදියෝ සටන අරඹයි

මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ දී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

ඒ, අගෝස්තු මාසයේ 26 වන දා තෙක් ය.

ඒ අනුව, නැවත අගෝස්තු මාසයේ 26 වන දා ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එදිනට කොළඹට එන ලෙස, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාත පිරිස්, මහජනතාවට ආරාධනා කරයි.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා වූ සුදර්ශන ගු-ණවර්ධන, ඔහුගේ නිල ෆේස් බුක් ගිනුම තුළ මේ ආරාධනාව කර තිබෙන අතර, එදිනට යම් ජන පිරිසක් කොළඹට කැදවීමට විපක්ෂය ඒකාබද්ධව කටයුතු කරනු ඇතැයි අනුමාන කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *