හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුවේ විමර්ශන කටයුතු එළැඹෙන ජනවාරි 28 වැනිදා කැඳවන විට අවසන් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ජනවාරි 28 වැනිදා නඩුව නැවත කැඳවීමට නියම විය.
මීට අමතරව මෙම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවලදී අධිකරණයට අපහාසයක් සිදුව ඇති නම් ඒ සම්බන්ධයෙන්ද බාධාවකින් තොරව පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මෙම නඩුවට බාධා වන අයුරින් යම් කෙනෙකු හැසිරෙන්නේ නම් බාධාවකින් තොරව පියවර ගන්නා ලෙස ඔහු නියෝග කළේය.
අදාළ නඩුවට පෙනී සිටීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් අධිකරණයට පැමිණි අතර ඔහු විත්ති කූඩුවේ සිටගෙන සිට නඩුව අතරමැදදී හිඳගෙන සිටින අයුරුද දක්නට ලැබුණි.
එහිදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
විමර්ශනයට අදාල වැඩිදුර විමර්ශනය සඳහා බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය ලබාගැනීමට අවශ්‍ය වන බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් වසන්ත පෙරේරා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මීට පෙර මරණාසන්න බව කියමින් ඇප ලබාගත් ආකාරය පිළිබඳ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් එහිදී ප්‍රශ්න කළේය.
Source – Whatsnews