නේපාලයේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමට එරට ප්‍රධානින් රාජ්‍ය පාලනයට දැක්වූ අදක්ෂතාවය හේතුවූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
කත්මණ්ඩු නුවර ගැටුම් මෙතරම් දුරදිග යා යුතුව නොතිබූ බව පවසන හිටපු ජනාධිපතිවරයා පොලිසිය සිදුකළ වෙඩිතැබීම් අනුමත නොකරන බවත් පළමු දිනයේදී ම වෙඩි නොතබා ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට හැකියාව පැවති බවත් සඳහන් කරයි.
නේපාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති රාජ්‍යයක් ඉතිරිව ඇතැයි කී හෙතෙම එරට සිදුවූ සියලු ම ආකාරයේ මිනිස් ඝාතන හෙළා දකින බව ප්‍රකාශ කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියි.
බුදුන් වහන්සේ උපත ලැබූ රටතුළ මෙවැනි ම්ලේච්ඡ සිදුවීම අනුමත කළ නොහැකි බව කී හිටපු ජනාධිපතිවරයා රට තුළ සාමය ඇතිකර ව්‍යවස්ථානුකුලව ඡන්ද පැවැත්වීම පාලන බලය ගත් හමුදාවේ වගකීම වන බව පවසයි.
සමගිව රැස්වී,සමගිව සාකච්ඡා කර,සමගිව විසිරී යන ලෙසට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සප්ත අපරිහානි ධර්මය නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගතයුතු යැයිද හෙතෙම සඳහන් කරයි.
මෙවැනි සිද්ධි හමුවේ ඇතිවිය හැකි භයානක තත්ත්වයක් තිබෙන බවත් ගූගල්,ෆේස්බුක්,යූටියුබ් වැනි ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගම්වලට ලෝකයේ සෙසු රටවල ආණ්ඩු නැති කිරීමට ඉඩ ප්‍රස්තාව විවර වීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකි බවත් ඔහු කියයි.
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනිතබා හිටපු අගමැති බිරිඳ ඝාතනය කිරීම සහ විදේශ ඇමතිනියට පහර දීම මගින් කාන්තා අයිතිවාසිකම් ප්‍රබල ලෙස උල්ලංඝණය වී තිබෙන බවත්,මෙවැනි ක්‍රියාවලින් නේපාලයේ කීර්ති නාමයට අවනම්බුවක් එල්ල වී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි.
පාර්ලිමේන්තුව සහ අධිකරණ ගොඩනැගිලි රට් ප්රාජාතන්ත්ර්වාදි ආයතන ලෙස සැලකෙන්නේ ඒවා තුළ සිටින පුද්ගලයන් පදනම් කරගෙන නොවන බවත් පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත් ගිනි තැබීමෙන් නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදය විශාල අගෞරවයක් එල්ලවී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
නේපාලයේ කාලයක් පුරා පැවති ප්‍රශ්න ගණනාවකට රජයේ අවධානය යොමුනොවූ බවත් සෑම කෙනෙකු ම දකුණු ආසියානු සම්ප්‍රදාය අනුව එදිනෙදා දේශපාලනය කිරීම මිස උග්‍ර ප්‍රශ්නවලින් විසදුම් නොසෙවූ බවත් හෙතෙම ප්‍රකාශ කරයි.