රටේ ඉන්න බහුතරයක් දේශපාලනඥයො හොරු. ඒ අයට රට ගැනවත් ජනතාව ගැනවත් කැක්කුමක් නැහැ.
තමුන්ගේ බඩගෝස්තරය හොයාගන්න ඕනෑ වැඩක් කරනවා. ඒ නිසා මේ යන ක්‍රමය වෙනස් වෙන්න ඕනෙ. රටටත් ජනතාවටත් හදවතින්ම ආදරය කරන අලුත් පාලකයෙක් අපට අවශ්‍ය යැයි රන්ජන් රාමනායක මහතා කියා සිටියේය.
රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව කළ විමසීමකදී රාමනායක මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙසේද කීවේය.
දේශපාලනය ගැන කතා කරන්න එපා කියල මට අධිකරණයෙන් වාරණයක් දාල තියන නිසා ඒ ගැන මට කතා කරන්න බැහැ.
“හැබැයි මේ යන ක්‍රමය හැමෝටම පේන්න දකින්න තියනවනේ. බහුතරයක් දේශපාලනඥයො මේ ඡන්දය ආදායම් මාර්ගයක් කරගෙන ඉන්නේ.
එහෙට මෙහෙට පක්ෂ මාරු කර කර පනින එකෙන්ම ඒක පේනවා. බොහෝ දේශපාලනඥයො දන්නවා මේ අයගෙ අවසන් මැතිවරණය බව. ඒ නිසා බොහෝ අය කරන්නෙ මේ වෙලාවෙ වැඩිපුර මුදලක් හොයාගෙන තමන්ගෙ ගොඩ වැඩිකර ගන්න හදන එක.
මේ අයට රට ගැනවත්, දුක් විඳින ජනතාව ගැනවත් කැක්කුමක් නැහැ. හැමදාම මිනිස්සු රැවටුණා. තවදුරටත් මිනිස්සු රැවටෙන්න ඕනේ නැහැ.
අලුත් විදිහට හිතන, රටට මිනිස්සුන්ට ආදරේ කරන, හොරෙක් නොවන නායකයකුගේ අවශ්‍යතාව අපට තියනවා” යැයි රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.