රත්නපුරේ මැණික් මිල පහළට යයි

මැණික් මිල හරි අඩකින් පහත වැටීම නිසා රත්නපුර පතල් හිමියන් සහ ගැරුම්කරුවන් රැකියා අත්හැර යන බව හෙළි වෙයි.

රත්නපුර ප්‍රකට මැණික් පතල් හිමියකු වන පද්මකුමාර ගුරුවාන මහතා මේ සම්බන්ධයෙන්මෙසේ පැවසීය.

මෑතක සිට මැණික් මිල පහත වැටීම නිසා කුඩා පරිමාණයෙන් මැණික් ගැරීමේ යෙදී සිටින පතල් හිමියන් මෙන්ම ගැරුම්කරුවන්ද රැකියාවෙන් ඉවත්ව සිටිනවා. අපේ මැණික් ගල් වැඩියෙන්ම මිලදී ගත්තේ ඊශ්‍රායලය සහ මැදපෙරදිගින් පැමිණෙන ෂේක්වරුන්. මුදල් ආයෝජනය කර මුදල් වෙනුවට මැණික් රැස්කර ගැනීම ඔවුන්ගේ ව්‍යාපාරයි. නමුත් ඔවුන් දැන් විවිධ හේතු දක්වමින් මැණික් මිල පහත දමනවා. ඊශ්‍රායල ඉරාක යුද්ධය හේතුවක් කරගෙන පලපුරුදු විදෙස් ආයෝජකයන් මෙහි පැමිණ අඩු මිලට මැණික් රැගෙන යනවා. ඒ හේතුවෙන් මැණික් මිල හරි අඩකින් පහත වැටිලා. මීට වසර 50 කට පෙර රුපියල් දහසකට තිබූ නිල් මැණික් කැරට් එකක මිල දැන් ලක්ෂ 50යි. කැරට් එකක් කියන්නේ ග්‍රෑම් හතරක්. නමුත් අද දේශීය වෙළෙඳුන් කරන්නේ යුද්ධය දඩමීමා කරගෙන හරි අඩකින් මිල බස්සලා මැණික් එකතු කර පසුව විකුණා ගන්නවා. මෙයින් තැලෙන්නේ කුඩා පතල් හිමියන් සහ ඔවුන්ගේ පතල් කම්කරුවන්. ගැඹුරු පතලයක් කැණීමට ඉතා අධික වියදමක් දැරීමට සිදුවෙනවා. දැන් මැණික් අලෙවියෙන් ලැබෙන මුදල පතලයේ වියදම් පියවා

ගැනීමටවත් මදි. එසේ වියදම් කපා ගතහොත් මාස ගණනාවක් කඹුරා අතට ගන්නා මුදල සොච්චමක් වෙනවා. මෙය ඉතාමත් සංවේදී කරුණක්. මෙහිදී පතල් හිමියා කරන්නේ මැණික් විකුණා ලැබෙන සියලු මුදල් සේවකයන්ට බෙදාදී පතලය වසා දැමීමයි. ඒ නිසා කම්කරුවා අසරණ වෙනවා. දෛනික කුලී වැඩක් සොයා ගැනීම හැර ඔවුන්ට වෙන විකල්පයක් නැහැ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *