රතු මුහුදේ පවතින අර්බුධය හේතුවෙන් මෙරටට ලඟාවන බහාලුම් ප්‍රවාහන නෞකා ප්‍රමාණය සියයට 32 කින් පමණ ඉහළ ගොස් ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.ඊට සාපේක්ෂව මෙරට ආදායම ද ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.ඉහළ යන ධාරිතාවට සරිලන පරිදි වරාය ප්‍රසාරණය කිරීම සඳහා ඩොලර් මිලියන 580 ක් පමණ වියදමින් පහසුකම් සංවර්ධනය කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.