චීන­යෙන් ළමා රෝහ­ලට නොමිලේ ලැබුණු CT ස්කෑන­ර­යට NSB බැංකු­වෙන් කෝටි­යක් අරන් සිරි­ලිය ගිණු­මට දාගෙන – රෝගී තත්වය නිසා ශිරන්තිව FCID කැදවීම කල් යයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ­ලට සීටී ස්කෑන් යන්ත්‍ර­යක් ලබා­ගැ­නී­මට යැයි සඳ­හන් කර­මින් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ‍පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය ප්‍රධා­න­ත්වය දරන ‘සිරි­ලිය සවිය’ ගිණු­මට ජාතික ඉති­රි­කි­රීමේ බැංකු­වෙන් පරි­ත්‍යා­ග­යක් ලෙස රුපි­යල් කෝටි­යක මුද­ලක් බැර කර­වා­ගෙන එම මුදල් අව­භා­විත කිරීම සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත. ‍‍‍ෙමම විම­ර්ශ­න­යට පද­නම වැටී ඇත්තේ සී.ටී. ස්කෑන­ර­ය­කට මුදල් රැස් කළද රිජ්වේ ආර්යා ළමා රෝහ­ලට පරි­ත්‍යාග කර ඇත්තේ චීන රජ‍යෙන් පරි­ත්‍යා­ග­යක් ලෙස ලද ස්කෑන් යන්ත්‍ර­යක් බව හෙළිවී ඇති බැවිනි.

ජාතික ඉති­රි­කි­රීමේ බැංකුවේ මුදල් පරි­ත්‍යා­ග­යක් ලෙස සිරි­ලිය සවි­යට බැර­වීම සම්බ­න්ධ­යෙන් බැංකු බල­ධා­රී­න්ගෙන් සහ එවක සිටි අධ්‍යක්ෂ මණ්ඩ­ල­යෙන් මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය ප්‍රශ්න කර තිබේ. එහිදී අනා­ව­ර­ණය වී ඇත්තේ සිරි­ලිය සවිය විසින් ලිඛි­තව කළ ඉල්ලී­ම­කට අනුව එම මුදල පරි­ත්‍යාග කර ඇති බවය. සිරි­ලිය සවිය විසින් පව­ත්වා­ගෙන යනු ලබන මර­දාන, සිදු­වැල්ලේ පිහිටි බැංකු ගිණු­මට එම මුදල බැර කර ඇති බවද අනා­ව­ර­ණය වී තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහ­ලට පරි­ත්‍යා­ග­යක් වශ­යෙන් සී.ටී. ස්කෑන් යන්ත්‍ර­යක් මිලදී ගැනී­මට රාජ්‍ය බැංකු­ව­කින් රුපි­යල් කෝටි­යක් ලබා­ගෙන එම මුදල් නිය­මිත කාර්ය­යට යොදවා නොමැති බැවින් එම මුද­ලට කුමක් සිදු­වී­දැයි විම­ර්ශන සිදු­වන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් කීය. ඒ අනුව ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­ය­ගෙන් ප්‍රශ්න කිරී­මට සූදා­නම් වූ අව­ස්ථා­වේදී ඇය රෝගී වී සිටින බව දැන­ග­න්නට ලැබුණු බවත්, ඉදි­රි‍යේදී ඇය­ගෙන් ප්‍රශ්න කරන බවත් එම නිල­ධා­රියා කීය.

සිරි­ලිය සවිය ගිණුම සම්බ­න්ධ‍යෙන් ප්‍රශ්න­ගත තත්ත්ව­යන් රැසක් තිබෙන බවත්, ඒ ගැන පවා විම­ර්ශන සිදු­වන බවත් එම නිල­ධා­රියා පැව­සීය. මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය විසින් එම ගිණුම සම්බ­න්ධ­යෙන් ඇය­ගෙන් පසු­ගිය පෙබ­ර­වාරි 03 දා පැය 04කට අධික කාල­යක්ද ප්‍රශ්න කරනු ලැබූ බව එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *