හිටපු මැති ඇමතිවරුන්ට ඔවුන් පාවිච්චි කරන රජයේ නිල නිවාස නැවත භාර දීම සදහා ලබා දී තිබුණු කාලසීමාව අදින් අවසන් වේ.
ඒ අනුව, නිල නිවාස භාර නොදුන් මැතිඇමතිවරුන්ට එරෙහිව හෙට සිට නඩු දැමීම අරඹන බව රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්යංශය නිවේදනය කරයි.
මැතිඇමතිවරු 12 දෙනෙකු මේ දක්වා රජයේ නිල නිවාස භාර දී නැත.
නිල නිවාස භාර දී මේ දී හිග ජල බිල්පත් සහ විදුලිබිල්පත් සම්පූර්ණයෙන් ගෙවා එම නිල නිවාස භාරදිය යුතු අතර, එසේ නොවන්නේ නම්, එම නිල නිවාස රජය භාර නොගන්නා බවද නිවේදනය කර තිබේ.