ආලෝක සංඥා නිවා රථවාහන හසුරුවන්න එපා – වැඩ බලන පොලිස්පති දැනුම් දෙයි

මින් ඉදිරියට ආලෝක සංඥා අක්‍රීය කර රථවාහන පාලනය නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් කොට්ඨාස භාර ප්‍රධානීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී තිබේ.

රථවාහන ආලෝක සංඥා සවිකර ඇති ස්ථානයන්හි එම ආලෝක සංඥා අක්‍රීය කර පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදවීම ආලෝක සංඥා පුවරු සවිකිරීම මගින් අපේක්ෂා කරන ලද අරමුණුවලට පටහැනි වන අතර, එම ස්ථානයන්හි රථවාහන පාලනය සඳහා රාජකාරි සඳහා යොදවනු ලබන පොලිස් නිලධාරීන්ගේ ශ්‍රමය අපතේ යෑමක් සිදුවන බවද පෙන්වා දී තිබේ.

මින් ඉදිරියට රථවාහන අලෝක සංඥා පුවරු මගින් රථවාහන පාලනයවීම ප්‍රමාණවත් නොවන විශේෂිත වූ අවස්ථාවකදී හැර රථවාහන ආලෝක සංඥා මගින් රථවාහන පාලනය කරන අවසථාවල පොලිස් නිලධාරීන් මගින් රථවාහන පාලනය කිරීම නොකළ යුතු බවද උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *