පාර කොන්ක්‍රිට් කර පැය කීපයකින් එය විනාශ කරලා – මාලිමාවේ සභාපති කියයි

මිනුවන්ගොඩ වීදියවත්ත දොලාගත ප්‍රදේශයේ පිහිටි බාඳුරාවත්ත පාර කොන්ක්‍රීට් අතුරා සකස් කර පැය කිහිපයක් තුළදී කිසියම් පිරිසක් කොන්ක්‍රිට් විනාශ කර  හානි සිදුකර ඇතැයි මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව (ජා:ජ:බ:)මහතා පවසයි .

2024 ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 10 ක් වියදමින්  මෙම මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කළ බවත් එදින රාත්‍රියේ දේශපාලන විරුද්ධවාදීන් බවට සැකකරන පිරිසක් මෙසේ මාර්ගයට හානි සිදුකර ඇති බවත් සභාපතිවරයා කියා සිටි .

එහිදී කොන්ක්‍රීට් ඇතිරීම සඳහා මාර්ගය දෙපසින් සවිකර තිබූ ලෑලි සියල්ලමද එම කඩාකප්පල්කාරීන් විසින් ගලවා දමා ඇතැයිද සභාපතිවරයා පවසයි .

මෙම මාර්ගයට හානි කිරීමට අදාළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන කිහිපයක් පරීක්ෂා කිරීමට නියමිත බව පවසන සභාපතිවරයා මාර්ගයට සිදු කර ඇති අලාභය තක්සේරු කිරීම ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරීන් විසින් සිදුකරන බවද වැඩිදුරටත් පැවසීය .

image dbb146d13e Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *