පාතාලයෙන් පඩි ගන්න පොලිස් නිළධාරීන් සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කියා සිටී.වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටින්නේ මේ හේතුවෙන් මුළු රුවන්වැල්ල පොලිසියම මාරු කිරීමට සිදු වූ බවයි.
පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් පඩි ගන්න පොලිස් නිලධාරීන් ඉන්නවා. අපිට හංවැල්ල මුළු පොලීසියම වගේ මාරු කරන්න සිද්ධ වුණා, බුද්ධි තොරතුරු අරගෙන. ඒ විතරක් නොවෙයි අවිස්සාවේල්ල. මේ අය ජාලයක්. පාතාල සල්ලි පොලීසිය අතට යනවා. අපි පොලිස්පතිව ගෙනල්ලා සාකච්ඡා කළා. දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ. අපි මේක ප්‍රශ්නයක් විදියට දකිනවා. අපි ගත්තු සියලුම ක්‍රියාමාර්ග මාධ්‍ය හරහා හෙළිකරන්න අමාරුයි. මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් තීන්දු තීරණ ටිකක් අරගෙන තියෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකීම දීලා තියෙන්නේ පොලිස්පති ඇතුළු කණ්ඩායමට.
– මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල