රට ගොඩනගන අරමුදලට සබ­ර­ග­මුව පළාත් සමු­ප­කා­ර­ය ලක්ෂ 100ක් පරිත්‍යාග කරයි

සබ­ර­ග­මුව පළාත් සමු­ප­කාර ව්‍යාපා­රය මඟින් Rebuilding Sri Lanka අර­මු­දල සඳහා රුපි­යල් ලක්ෂ 100ක මුද­ලක් පරි­ත්‍යාග කිරීම සිදු විය.

ඊට අදාළ චෙක්පත් රත්න­පුර පිහිටි පළාත් ආණ්ඩු­කාර කාර්යා­ල­යීය ශ්‍රව­ණා­ගා­ර­යේදී සබ­ර­ග­මුව පළාත් ආණ්ඩු­කාර චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය වෙත ඊයේ (29) ප්‍රදා­නය කරනු ලැබීය.

රත්න­පුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ විවිධ සේවා සමු­ප­කාර සමිති, සණස සමිති සහ සමු­ප­කාර ප්‍රාග්ධන සමිති එක්ව මෙම මූල්‍ය ප්‍රදා­නය සිදු කරනු ලැබීය.

මෙහිදී අද­හස් දැක්වූ සබ­ර­ග­මුව පළාත් ආණ්ඩු­කාර චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය මෙසේ පැව­සූ­වාය.

“දිට්වා සුළි කුණා­ටුව හේතු­වෙන් දිව­යිනේ ආප­දා­වට ලක්වූ­වන්ට රජය විශාල සහන රැසක් ලබා දුන්නා. ඉති­හා­සයේ සිදු නොවූ අයු­රින් රජය සිය වග­කීම් යුතු­කම් මෙම ව්‍යව­ස­න­යට පත් ප්‍රජාව වෙනු­වෙන් සිදු කළා.

රජය ඒ වෙනු­වෙන් සහන සැල­සුම් සහ විශාල ලෙස මූල්‍ය ප්‍රදාන සිදු කළා. Rebuilding Sri Lanka ගිණු­මට බැර කරන මුදල් අව­භා­වි­තා­වට ලක් නොවෙ­නවා. සිය­යට සීයක් අව­සාන ශතය දක්වා ඒ වෙනු­වෙන් විශ්වා­සය තැබිය හැකියි. ඒ නිසයි විශාල ලෙස මෙම ගිණු­මට දෙස් විදෙස් මුදල් බැර වෙන්නේ. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රමුඛ රජය ආප­දා­වට මුහු­ණදී ඇති ප්‍රදේ­ශ­යන්හි සංව­ර්ධන කට­යුතු වේග­වත් කර­මින් සිටි­නවා.

මෙම අව­ස්ථා­වට ප්‍රධාන අමා­ත්‍යංශ ලේකම් සුජීවා බෝධි­මාන්න, සමු­ප­කාර සංව­ර්ධන කොම­සා­රිස් නිෂාන්ත සමන් කුමාර, සබ­ර­ග­මුව පළාත් ආණ්ඩු­කාර මහ­ජන සම්බ­න්ධතා නිල­ධාරී පුෂ්ප කුමාර දිසා­නා­යක මහ­ත්වරු, සමු­ප­කාර සමි­ති­වල සභා­ප­ති­වරු ඇතුළු නිල­ධා­රීහු පිරි­සක් ද එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *