සබරගමු වෛද්‍ය පීඨය ජූලි 04 වනදා සිසු අයිතියට පත් කරයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, මෙම මස 04 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පවරන බව එම වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිර්මලී වික්‍රමරත්න මහත්මිය සඳහන් කරයි.

මීට සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ සෞදි සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය ප්‍රධානී Eng.Faisal M. Alkahtani මහතා ඇතුළු ආරාධිතයන් ද එක්වන බව පීඨාධිපති පවසයි.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජ්‍යයන්ගේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රදානයන් යටතේ ඉදිකර ඇති මෙම වෛද්‍ය පීඨය පිහිටා ඇත්තේ රත්නපුර නව නගරය ආශ්‍රිතවය.

අක්කර 20කින් යුක්ත භූමියක පිහිටි මෙම වෛද්‍ය පීඨය තුළ මෙම වර්ෂය සදහා වෛද්‍ය සිසුන් 162 දෙනෙකු ඇතුලත් කර ගෙන ඇත.
මේවන විට මෙහි වෛද්‍ය සිසුන් 750 දෙනෙකු පමණ අධ්‍යාපනය හදාරයි.

මෙම පීඨය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය ලබාදී ඇති මුදල රුපියල් මිලියන 1096කි.
සෞදි රාජ්‍යය මේ සඳහා ලබාදී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 50කි.

මෙය සිසුන් 500කට එකවර නේවාසික පහසුකම් ලබාදිය හැකි නේවාසිකාගාරයකින්ද, 1060කට එකවර අසුන් ගත හැකි ශ්‍රවණාගාරයකින්ද යුක්තය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *