මගී ප්‍රවාහනය සඳහා වඩාත් ආරක්ෂිත සහ ප්‍රමිතයෙන් ඉහළ බස් රථ යෙදවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මෙරට මගී ප්‍රවාහනය සඳහා නව බස් රථ ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා ද පවත්වා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියා.
ඔහු එබව කියා සිටියේ, මාධ්‍යවේදියෙකු යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.