විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි ලෙස විවේචනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සුවිශේෂී ප්‍රකාශයක් සිදු කර තිබේ. ඔහු කියා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා යනු “ලොකු ඔලුවක් තිබුණට චූටි මොලයක් තියෙන අත දරුවෙක්” බවයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මේ වන විට රට තුළ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ යන හිටපු රාජ්‍ය නායකයින් ඇතුළු සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් යුත් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට සුදුසුම වේලාව පැමිණ ඇති බවයි.