පරාජයේ වගකීම සජිත් බාර ගනියි

පරාජයේ වගකීම තමන් භාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවැසීය.

එසේම ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරි පත් කිරීමට පක්ෂය තීන්දු කර ඇති බවත් ඔහු පැවැසීය.

එසේම එක්සත් ජාතික පක්ෂය විසින් සකස් කිරිමට යෝජනා කර ඇති සන්ධානයට එක් නොවන බවත් සමගි ජන සන්ධානය ලෙස මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඔහු පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *