ජනතාවාදී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකට එකතුවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 84 වන ජන්ම දින සැමරුමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙරට කෘතහස්ත දේශපාලඥයෙකු වූ දිවංගත ගාමිණි දිසානායක මහතාගේ 84 වන ජන්ම දින සැමරුම ඊයේ (21) පස්වරුවේ මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට ගාමිණි දිසානායක පිළිරුව අභියසදී සිදු කෙරුණි.
මහා සංඝරත්න ඇතුළු ආගමික නායකයින් හා දේශපාලන නියෝජිතයින් පිරිසක් සහභාගි වූ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,
“පොදුජන කඳවුර ශක්තිමත් කිරීමට කාලය එළඹිලා තිබෙනවා. පොදුජන න්‍යාය මත පදනම් වුණු දැවැන්ත එකතුවකට සමගි ජන බලවේගයත් එක්ක එක්සත් ජාතික පක්ෂයත් මුල පුරනවා. අවසානයේ ජයග්‍රහණය කළ යුත්තේ පොදු ජනතාවමයි”