හදිසි අනතුරකට ලක්ව මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහයට අවසන් ගෞරවය දක්වන්නට පැමිණ සිටි අම්පාර දිස්ත්‍රික් පොහොට්ටුවේ මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ පවසන්නේ රාජ්‍ය අමාත්‍යවරයාට තමන්ගේම කියා නිවසක්වත් නොමැති බවයි.
“එතුමා ජනතාව වෙනුවෙන් කරපු සේවය කොච්චරද කියනවනම් තමන්ට තමන්ගේ මිනිය තියා ගන්න හදා ගන්න එතුමා උත්සහ උණේ නැහැ” යි පොහොට්ටුවේ මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ පවසනවා.