පුත්තලම, දළුව ගම්මානයේ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනකට සහභාගී වීමට ආ, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, ජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ, අදාල වැඩසටහනට සහභාගී නොවී ආපසු හැරී ගොස් තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ, දළුව, නිර්මලපුර, නාවක්කාඩු ගම්මානයේ ඇතුළු මාර්ගයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහනට සහභාගී වීම සදහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැමිණීමට නියමිත බව ගම්වාසීන්ට දැන ගන්නට ලැබී ඇති අතර, අමාත්‍යවරයාගේ පැමිණීමට, ගම්මු දැඩි විරෝධයක් දක්වා තිබේ.
දළුව හන්දිය තෙක් පැමිණ සිටි රාජ්‍ය අමාත්‍යවරයා, ගම්මු සිය ගමනට විරෝධය දැක්වීමට සූදානමින් සිටින බව දැන ගැනීමෙන් පසු, ආපහු හැරී ගොස් තිබේ..
සිය විරෝධය දේශපාලනඥයන්ට එරෙහිව ප්‍රකාශ කලද, මාර්ගය සංවර්ධනය කිරීමේ වැඩ සටහන සදහා රාජ්‍ය නිළධාරීන්ට බාධාවකින් තොරව පැමිණිය හැකි බව ගම්මු අදාල නිළධාරීන්ට පවසා තිබේ.