පෙරට වඩා ඉතා හොඳ පිළිගැනීමක් ලැබෙමින් ඇති බවත් ජනතාව පොහොට්ටුව පිළි ගැනීම සඳහා සාදරයෙන් මග බලාගෙන සිටින බවත් නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක (22) අද නුවරඑළියේදී පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය හෝ ඕනෑම මැතිවරණයක ජයග්‍රහණය සහතික නමුත් තුනෙන් දෙකක බලයක් සහ හැට නව ලක්ෂයක ජන වරමක් සහිතව මහා සංඝරත්නය සියයට සියයක් ඒකරාශී වී නිර්මාණය කළ දැවැන්ත ආණ්ඩුව තමන්ගේම නායකයන් පාරට ඇද දැමූ ආකාරය සම්බන්ධව දැඩි කලකිරීමක් ඇති බව ද මන්ත්‍රීවරයා කීවේය.
එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා ඒ බැව් කියා සිටියේ අද දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉදිරි මැතිවරණය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වමිනි.