යාපනයේ කීරමලෙයි ප්රදේශයේදී කාන්තාවන් දෙදෙනකු හා කුඩා දරුවකු අනතුරට පත්කළ තරුණයන් දෙදෙනකු පසුව ඔවුන්ට පොලුවලින් පහර දී ඉකුත් 16 දා පලාගොස් තිබේ.
කාන්තාවන් දෙදෙනකු හා කුඩා දරුවකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඊට පිටුපසින් අධික වේගයෙන් තවත් යතුරුපැදියක පැමිණි තරුණයන් දෙදෙනකු කාන්තාව පදවාගෙන ගිය යතුරුපැදියේ පිටුපසින් ගැටී තිබේ.
මේ අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනා හා කුඩා දරුවා යතුරුපැදියෙන් බිමට වැටී ඇත.
යතුරුපැදියෙන් ආ තරුණයන් දෙදෙනාද ඔවුන් පැමිණි යතුරුපැදිය පෙරළීම නිසා බිම ඇදවැටී ඇති අතර ඉතා ආයාසයෙන් නැගිටගත් තරුණයන් දෙදෙනා ඉවක් බවක් නොමැතිව කාන්තාවන් දෙදෙනාට අතින් පයින් හා පොල්ලකින් පහර දී තිබේ.
අනතුරෙන් හා පහරදීමෙන් කාන්තාවන් දෙදෙනා සහ කුඩා දරුවා තුවාල ලබා රෝහල් ගතකොට තිබේ.
යතුරුපැදියේ සිටි කුඩා දරුවා අසල පිහිටි ලඳු කැලයකට වීසිකළ තරුණයෝ ඔවුන් පැමිණි යතුරු පැදියේ නැගී පලාගොස් තිබේ.
මේ තරුණයන් දෙදෙනා අධික ලෙස බීමත්ව සිටි බවත් ඔවුන්ට කෙළින් සිට ගැනීමට හෝ ඉතා පැහැදිලිව වචන කතා කිරීමට නොහැකිව සිටි බවත් කාන්තාවන් දෙදෙනා පොලිසියට ප්රකාශකොට තිබේ.
අනතුරක් සිදු කිරීමෙන් හා පහර දීමෙන් කාන්තාවන් දෙදෙනාට තුවාල සිදුකොට පලාගිය තරුණයන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට ඉලවාලි පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.