අතිශය සංවේදී තොරතුරු එළියට දුන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව විමර්ශන අරඹයි

පොලිස් දෙපාර්තමේන්තුවේ අතිශය සංවේදී රහස්‍ය තොරත-ුරු පිටතට ලබා දෙමින්, පොලිස්පතිවරයාට සහ දකුණු පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව මඩ ගැසීමට කටයුතු කරමින් සිටින තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව, පොලිස්පතිවරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇති බව දිවයින පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි. 

චෝදනා එල්ල වී තිබෙන අදාල ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, යූ ටියුබ් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට, පොලිස්පතිවරයාටත් දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් එරෙහිව තොරතුරු සපයන දුරකථන සංවාද 12 කට ආසන්න ප්‍රමාණයක් ද විමර්ශන නිළධාරීන්ට ලැබී ඇති බව වාර්තා වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *