ශිර­න්තිගේ පින්තූර ලැමි­නේට් කරන්න ජනා­ධි­පති අර­මු­ද­ලෙන් සල්ලි ගත් බව අනාවරණය වෙයි

හිටපු ජනා­ධි­පති ආර්යාව වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යට චීන සංචා­ර­යක් සඳහා ගෙන යෑමට අවශ්‍ය වූ ඇයගේ ඡායා­රූ­ප­යක් ලැමි­නේට් කර රාමු කිරී­මට වැය වූ රුපි­යල් 9270ක මුදල පවා විය­දම් කර තිබෙන්නේ ජනා­ධි­පති අර­මු­ද­ලෙන් බව අධි­ක­රණ හා ජාතික ඒකා­බ­ද්ධතා ඇමැති, නීතිඥ හර්ෂණ නානා­ය­ක්කාර මහතා පාර්ලි­මේ­න්තු­වේදී පෙ‍ෙර්දා (15) පැව­සීය. ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ විස­ර්ජන පනත් කෙටු­ම්පත කාරක සභා විවා­ද­යට එක් වෙමිනි.එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“2025 වස­රට අපේ­ක්ෂිත ඇස්ත­මේ­න්තු­ගත රාජ්‍ය ආදා­යම රුපි­යල් ට්‍රිලි­යන 4.9ක් වන අව­ස්ථා­වක නව සංශෝ­ධන ඇස්ත­මේ­න්තු­ගත රජයේ ආදා­යම රුපි­යල් ට්‍රිලි­යන 5.2ක ඉහළ අග­යක් ගන්නවා. එය රුපි­යල් ට්‍රිලි­යන 0.3ක වැඩි වීමක්. පසු­ගිය කාලය පුරාම රාජ්‍ය ආදා­යම ඍණ අග­යක් ගත්තේ. හොර­කම් කර­මින් නාස්ති කර­මින් මේ දේවල් කරන්න බෑ. ඒ කාලයේ හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් ඔවුන්ගේ වැය ශීර්ෂය පාවිච්චි කළේ මෙහෙ­මයි. මම ටිකක් කිය­න්නම්. 2013දී රුපි­යල් 65,000ක් ජනා­ධි­පති අර­මු­ද­ලෙන් වැය කරලා කවුද හාමු­දු­රු­න­ම­කට පූජා භාණ්ඩ අරන් දෙන්න. 2014 අප්‍රේල් 09 වැනිදා තංගල්ල කාල්ටන් නිවෙ­සේදී සිදු කළ නාමල් රාජ­ප­ක්ෂගේ ජන්ම දිනය නිමි­ත්තෙන් පිරිත් දේශ­නා­වට සහ කාල්ටන් නිවෙසේ අවු­රුදු උත්ස­ව­යට රුපි­යල් 660,000ක් විය­දම් කරලා. මේ වගේ අපි කරන්නේ නෑ. ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යගේ 2009දී චීන සංචා­රය සඳහා රැගෙන යෑමට 2008දී චීන සංචා­ර­යේදී ගත් ඡායා­රූ­ප­යක් ලැමි­නේට් කර රාමු කිරී­මට රුපි­යල් 9270ක් විය­දම් කරලා. ඒක­ට­වත් තමන්ගේ සල්ලි විය­දම් කරන්නේ නෑ. 2014දී රුපි­යල් 350,000ක අට­පි­රි­කර ස්වාමීන් වහ­න්සේ­ලාට පූජා කරන්න අර­ගෙන. මේ අය නිවන් යන්න බලලා තිබෙන්නෙ ජනතා මුදල් විය­දම් කරලා. මම මේවා කියන්න හිටියේ නෑ. ඉස්සර වෙලා මන්ත්‍රී­ව­ර­යෙක් කීවානේ අපි ජනා­ධි­පති වැය ශීර්ෂ­යට වැඩි මුදල් වෙන් කර තිබෙ­නවා කියලා. ඒ නිසයි මම දේවල් කීවේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *