සිරස සජිත්ව අපහසුතාවට පත් කළා – චරිත් අබේසිංහ කියයි

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු පිළිබඳව උදය ගම්මන්පිල මහතා රචනා කළ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ආන්දෝලනය, ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාලයක් වන සිරස නාලිකාව හිතාමතා දැමූ දේශපාලන ඇමක් බව චරිත් අබේසිංහ මහතා පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ,  විපක්ෂ නායකවරයා එම උත්සවයට සහභාගී වීමත්, එහිදී ඔහු රාජපක්ෂවරුන් සමඟ අසුන්ගෙන සිටීමත් උපයෝගී කරගනිමින් එම  මාධ්‍ය නාලිකාව සජිත් ප්‍රේමදාස මහතාව දේශපාලනිකව අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කළ බවයි.

සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශ සහ මෙම අවස්ථාවට සහභාගී වීම එකිනෙකට ගලපමින් ප්‍රේක්ෂකයා තුළ වැරදි චිත්‍රයක් මතු කිරීමට සිරස මාධ්‍ය ජාලය කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කළා.

එමෙන්ම විපක්ෂ නායකවරයා ලෙස ඕනෑම දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් සිදුකරන නිල ආරාධනයක් ප්‍රතික්ෂේප කිරීමට ඔහුට නොහැකි බව චරිත් අබේසිංහ මහතා පවසනවා.

ඔහු පවසන්නේ, නොගියහොත් විපක්ෂනායකවරයා ආණ්ඩුව සමඟ රහසිගත ගනුදෙනුවල නිරත වන බවට චෝදනා එල්ල වන බවයි.

Source – news19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *