සිරිමාවෝ විදුහල්පතිනියට හිටපු පාසලෙනුත් නඩු ගොඩක් – අල්ලස් කොමිසමටත් පැමිණිලි කරලා

කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන සුමේධා ජයවීර ,කොළඹ ශාන්ත පාවුලු බාලිකාා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියක වේ . ඇය විසින් 2022 වර්ෂයට අදාළව පාසල් සංවර්ධන සමිතියට අයත් රුපියල් තිස් එක් ලක්ෂ අසූ හත්දහස් අටසිය අනූ හතරක (3,187,894.83) මුදලක් අවභාවිත කර ඇති බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත විධිමත් පැමිණිල්ලක් එම කාලවකවානුවේ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සහ උප සභාපති විසින් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති අතර, එහි අන්තර්ගත කරුණු අනුව මූල්‍ය අක්‍රමිකතාවේ ස්වභාවය මෙසේ වෙයි .

උපුටාගැනීම :

” 2022 නොවැම්බර් මස 27 වන දින ආදි ශිෂ්‍ය සංගමයේ බලය එවකට ධූර ලාභීන් ධූර අත්හැරීමෙන් අනතුරුව අභිනවයෙන් පත් වූ 2023 – 24 විධායක මණ්ඩලය විසින් 2022.01.01 සිට 2022.12.31 වූ මුදල් වර්ෂය සඳහා විගණනයක් සිදු කිරීමට එකඟතාවෙන් සම්මත කරගන්නා ලදී .

එවකට ධූර දැරූ ඉහත නම් සඳහන් සුමේධා ජයවීර විදුහල්පතිනිය විසින් සංගමයේ සංවිධායක මණ්ඩලයෙන් ඉවත් වූ උපසභාපති ශ්‍රීමති ජයලක්ෂ්මි රණසිංහ , උපසභාපති ගුරුගේ ප්‍රියන්ති පුෂ්ප කුමාරි , ලේකම් වික්‍රමසිංහ ආරච්චිගේ චතුරිකා හර්ෂණී වික්‍රමසිංහ , උපලේකම් වෙත්තසිංහ වීබද්ධගේ හිරෝෂි කාංචනා වෙත්තසිංහ ,භාණ්ඩාගාරික ගාර්ධි හේවාවසම්ගේ තිලනි දිල්රුක්ෂි , කමිටු සාමාජිකා … යන අයවලුන් හා එක්ව ආදි ශිෂ්‍ය සංගමය මුදල් බරපතළ ලෙස අව භාවිතා කර ඇති බවට මතයක් සාමාජිකාවන් අතර සහ පාසලේ දෙමව්පියන් හා ගුරු බවතුන් අතර පැවතීම .

” විගණන සමාගමේ වාර්තාව අනුව ආදි ශිෂ්‍ය සංගමයේ 2022 වර්ෂයට පමණක් මෙම සුමේධා ජයවීර විදුහල්පතිනිය විසින් සිදුකර ඇති මූල්‍ය අවභාවිතය රුපියල් 31,87,894.83 ක’ මුදලක් වශයෙන් අනාවරණය වූ බවත් එකී මුදල් සෘජුවම ඇය විසින් ආදි ශිෂ්‍ය සංගමයෙන් ලබාගෙන ඇයගේ සහ ඇගේ පවුලේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් යොදවාගෙන ඇති බවත් අනාවරණය විය .

එකී තිස් එක් ලක්ෂයකට වැඩි මූල්‍ය අවභාවිතය සහ අනෙකුත් කරුණු අතර ඇය විසින් හෝටල් සහ ආපනශාලා වෙත ගොස් කෑම බීම ගැනීම මත්පැන් මිලදී ගැනීම තම දරුවන්ගේ අධ්‍යාපනයට අදාළ ලිපි ද්‍රව්‍ය වැඩිහිටි අයවලුන් භාවිතා කරන ඩයපර් ඇතුළුව පවුලේ දෛනික පරිභෝජනය වෙනුවෙන් ආදි ශිෂ්‍ය සංගමය සතු මුදල් වවුචර භාවිතයෙන් භාවිතයෙන් ලබා ගෙන අවභාවිතා කර ඇති බව හඳුනාගන්නා ලදී .

ඉහත ලක්ෂ තිස්එකට අදාළ මූල්‍ය අවභාවිතාවෙන් රුපියල් 9, 57,000 ක මුදලක් ආචාර්ය සුමේධා ජයවීර මහත්මිය සෘජුවම දියමනාවක් ලෙස ලබාගෙන ඇති බවත් රු. 20,76,394.83 ක මුදලක් එම විදුහල්පතිනියගේ දෛනික වියදම් වශයෙන් වැයකර ඇති බවත් ,
ඊට අමතරව දුරකථන ගාස්තු වශයෙන් අදාළ වර්ෂයට අදාළව රුපියල් 154,500 ක මුදල් බිල්පත් ඉදිරිපත් කර ආදි ශිෂ්‍ය සංගමයෙන් මුදල් ලබා ගෙන ඇති බවත් ,

මෙම ලක්ෂ 31කට අධික මූල්‍ය අවභාවිතය 2022 වර්ෂයට අදාළව පමණක් සිදුකර ඇති මූල්‍ය අවභාවිතයක් වශයෙන් පමණක් හඳුනාගෙන ඇති බවත් ඇය විසින් 2017 වර්ෂයේ සිටම මේ ආකාරයට මුදල් අවභාවිත කිරීම සිදුකර ඇති බවට අප ආදිශිෂ්‍ය සංගමයේ මතය වන බවත් ඒ සඳහා මෙම සුමේධා ජයවීර විදුහල්පතිනිය විසින් ඇයගේ වාසියට පත් කරගත් එවකට ධූරදෑරූ නිලධාරීනියන්ගේ ද සහාය ලබාගෙන ඇති බවත් අප ආදි ශිෂ්‍ය සංගමයේ වැඩිමනත් මතය වෙයි . “

උපුටා ගැනීම අවසන්

කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 2024 මාර්තු 27 දින පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා, රජයේ දේපළ සහ පාසල් දරුවන්ගේ මුදල් අවභාවිත කළ පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මව්පියන් සහ පාසල් සුභසාධක සමිති බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මීට අමතරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඩී කේ ධර්මසේන මහත්මිය විසින් උක්ත නම් සඳහන් විදුහල්පති සුමේධා ජයවීර ට විරුද්ධව පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි . ඊට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙසේ පැමිණිල්ලේ කරුණු දක්වා තිබේ .

උපුටා ගැනීම :

” පැමිණිලි අංකය එච්. ආර් . සී 32/97/19

ඉහත පැමිණිලි කාරිය විසින් 2017.11.07 ධාතමින් ඉදිරිපත් කර ඇති සිය මුල් පැමිණිල්ල සහ පැමිණිල්ලට අදාළව පසුව ඉදිරිපත් කර ඇති ලිඛිත සහ වාචික කරුණු මගින් ප්‍රකාශ කර ඇත්තේ තමා කොළඹ ශාන්ත පවුලු බාලිකා විදුහලේ විදුහලේ ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටින බවත් 2019.10.07 දින අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් ගුරු ස්ථාන මාරු අංශය භාර අධ්‍යක්ෂ ධම්මිකා ජයනෙත්ති මහත්මියගේ අත්සනින් තමාගේ ඉල්ලීම සහ සේවා අවශ්‍යතාවය මත ශාන්ත පාවුළු බාලිකා විදුහලේ සිට කොළඹ විශාඛා විද්‍යාලය වෙත ස්ථාන මාරුවක් ලබා දී ඇති බවත් එම ස්ථාන මාරුව පරිදි තමන් ශාන්ත පාවුළු බාලිකා විදුහලෙන් නිදහස් කිරීමට මෙතෙක් එහි විදුහල්පතිනිය කටයුතු නොකිරීම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් සහ ඒ සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදුකර තම ස්ථාන මාරුව අනුව කොළඹ විශාඛා විදුහලේ සේවයට වාර්තා කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස වාර්තා කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව වෙතින් ඉල්ලා ඇත .

ඒ අනුව පැමිණිලිකාරිය වන කුසලා ධර්මසේකර මහත්මිය වෙත කොළඹ විශාකා විදුහල වෙත 2019 .10.17 දින ලබා දී ඇති ස්ථාන මාරුව පරිදි විශාඛා විදුහලේ රාජකාරී කටයුතු සම්පූර්ණ සම්පූර්ණයෙන් ඉටු කිරීම සඳහා කොළඹ ශාන්ත පවුලු බාලිකා විදුහල වෙතින් ඇයව නිදහස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ලේකම් මගින් එම විදුහලේ විදුහල්පතිනිය වෙත මෙයින් නිර්දේශ කරනු ලැබේ “

උපුටා ගැනීම අවසන් .

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ වර්තමාන විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන සුමේධා ජයවීර පසුගියදා අප මාධ්‍ය නාලිකාව හරහා මුදාහරින ලද වීඩියෝපටයකට අදාළව එම විද්‍යාලයේ සිසුවියකගේ සම්මානයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් කතාබහට ලක්විනි . මේ සම්බන්ධව අදහස් දක්වමින් මුහුණු පොතේ සටහන් එක්කළ Dulshi Savindya මෙසේ පවසා තිබිණි .

“දැන් ඉතුරු බලධාරීන් ගේ කොටස නිසා මේ ටික ලියලා තියන්නම ඕනේ,

මගේ පාසලේ දක්ෂ දරුවෙක්ට අසාධාරණයට එරෙහි වීම නිසා මේ විදුහල්පතිනිය, ඒ දරුවා ගෙන්නලා බැනලා, ඒ දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ” ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ” කියලා අපහාස කිරීම සම්බන්ධව ළමා ආරක්ෂණ අධිකාරියේ case එකක් තියෙද්දී, සිරිමාවෝ එකට මාරු කරලා යැව්වේ.

තර්ස්ටන් විදුහලට කරපු අවමානය තියෙද්දී, SPM එකට මාරු කරලා දැම්මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් 2015.

මේ ඔක්කොම මේ විදුහල්පතිනිය යට ගහන්නේ.. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් case එක open කරපු ගමන්, දන්න කියන දරුවන්ට කියලා ලියුම් යවා ගෙන අධ්‍යාපන අමාත්‍යාංශයට. ( ඒවට proofs තියෙනවා මන් ළඟ) ” මේ විදුහල්පතිනිය අපිට අම්මා වගේ, අනේ එයාව මාරු කරලා යවන්න එපා” කියලා ඒ ළමයින්ට කියලා ලියවන් යවල තිබ්බ. (Comment එකක් විදිහට එහෙම කරපු සිද්ධියක් attached කරා)

ඉතින් මේ පාරත් ඒ හා සමාන දෙයක් කරයි, හයක් හතරක් නොදන්න ළමයින්ව පාවිච්චි කරලා case එක වහ ගනී! “

උපුටාගැනීම අවසන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *