ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම කියා සජබ මන්ත්‍රීවරු කළු පාටින් සැරසී පාර්ලිමේන්තු සභාවාරයට පැමිණෙයි

පාර්ලිමේන්තු සභාවාරය අද (25) පෙරවරු 9.30ට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබෙනවා.

මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළු පැහැති ඇඳුමේ සැරසී අද දිනයේ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වී සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *